චීනයේ සහ ගැබොන් රාජ්‍යයේ ජනාධිපති ආර්යාවන් අතර හමුවක්
2023-04-20 15:34:57
Share with:

චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය,  ගැබොන් ජනාධිපති ආර්යා Sylvia Bongo Ondimba මහත්මිය හමුවෙයි. එම හමුව ඊයේ (19) පැවැත්විණ.

ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය වැළැක්වීම හා කොවිඩ් -19 වසංගත පාලනයේ දී  චීනය ලබා ගත් ප්‍රතිඵල මෙන්ම,  ඒඩ්ස් හා ක්ෂය රෝග වැළැක්වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුබසාධන තානාපතිනිය ලෙස තමා සිදුකළ සේවාවන් පිළිබඳව Peng Liyuan මහත්මිය එහිදී විස්තර කළාය. දෙරට ජනතාවගේ සුබසෙත වෙනුවෙන් ගැබොන් රාජ්‍යය සමග පවතින හුවමාරු ශක්තිමත් කර අත්දැකීම් බෙදාගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Peng Liyuan මහත්මිය ප්‍රකාශ කළාය.

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ චීනය ලද දැවැන්ත ජයග්‍රහණයන්ට ගරු කරමින් එම සාර්ථක අත්දැකීම් අධ්‍යයනය කිරීමට සහ  චීනය සමග හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කිරීමට ගැබොන් රාජ්‍යය කැමැත්තෙන් සිටින බව Sylvia Bongo Ondimba මහත්මිය එහිදී පැවසුවාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම