අද(20) එක්සත් ජාතීන්ගේ 14 වන චීන භාෂා දිනයයි
2023-04-20 16:38:38
Share with:

චීන භාෂාව බහුපාර්ශ්විකවාදයේ සංවර්ධනයට සක්‍රීය දායකත්වය ලබා දුන් බව චීනය පවසයි. 

එක්සත් ජාතීන්ගේ 14 වන චීන භාෂා දිනය අදයි(20). ඒ නිමිත්තෙන් අද පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ නිල භාෂා හයකින් එකක් වන චීන භාෂාව ලෝකයේ විශාලතම ජනගහණයක් භාවිත කරන භාෂාවයි. එමඟින් එක්සත් ජාතීන්ගේ හඬ සහ යෝජනා ක්‍රියාකාරීව ලෝකයට ගෙනයාම සහ එක්සත් ජාතීන්ගේ ඵලදායී ක්‍රියාකාරිත්වය, ලොව පුරා රටවල් අතර සන්නිවේදනය සහ හුවමාරුව සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දෙමින් බහුපාර්ශ්විකවාදයේ සංවර්ධනයට සක්‍රීය දායකත්වය සපයන බවද හෙතෙම පැවසීය. 

මේ වනවිට, ලෝකයේ රටවල් හා ප්‍රදේශ 180ක චීන භාෂා ඉගැන්වීම ක්‍රියාත්මක කෙරෙන අතර ඉන් රටවල් 82ක ජාතික අධ්‍යාපන පද්ධතියට එය ඇතුළත්ය. දැනට විදේශ රටවල සිටින චීන භාෂා අධ්‍යාපනය ලැබුවන්ගේ සංඛ්‍යාව මිලයන30කට වැඩි අගයක් ගනී. සමස්ත වශයෙන් ඉගෙන ගන්නා හා භාවිත කරන්නන්ගේ පිරිස මිලියන 200කට ආසන්න බවද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.   

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම