කියුබානු ජනපති ලෙස නැවත පත්වීම වෙනුවෙන් චීන ජනපතිගෙන් Miguel Díaz-Canel මහතා වෙත සුබ පැතුම්
2023-04-20 17:18:48
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා අද (20) කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම්, කියුබානු ජනාධිපති Miguel Díaz-Canel මහතා කියුබානු ජනාධිපතිවරයා ලෙසට යළි තේරී පත්වීමට සුබ පැතුම් පිරිනමයි.

වර්තමානයේ චීන-කියුබා සබඳතා ඉහළ මට්ටමේ මෙහෙයුමක් පවත්වාගෙන යමින් නව ජයග්‍රහණ අඛණ්ඩව දිනා ගන්නා බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේ නොවැම්බර් මස Miguel Díaz-Canel මහතාගේ චීන සංචාරය ඉතා සාර්ථක විය. නව යුගයේ චීන-කියුබානු  සුවිශේෂ මිත්‍ර සබඳතාව තවදුරටත් තහවුරු කිරීමට වැදගත් එකඟතාවන්ට එළඹී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. චීන-කියුබානු සබඳතාවේ සංවර්ධනය වැදගත් කොට සලකා Miguel Díaz-Canel මහතා සමඟ සමීප අදහස් හුවමාරු පවත්වා පක්ෂ දෙක සහ රටවල් අතර සබඳතාවල දේශපාලන නායකත්වය අඛණ්ඩව ශක්තිමත් කරමින්, චීන- කියුබානු පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද ෂී ජින්පිං මහතාගේ පණිවුඩයේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම