කියුබාව තම රටට සුදුසු සංවර්ධන මාවත අනුගමනය කිරීමට චීනය අඛණ්ඩව සහාය වෙයි
2023-04-20 18:17:25
Share with:

තම රටට සුදුසු සංවර්ධන මාවත අනුගමනය කිරීමට කියුබාවට අඛණ්ඩව සහාය වන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ඊයේ (19) කියුබාවේ නව රාජ්‍ය නායකයා තෝරා ගැනීම සිදු කෙරිණ.  Miguel Díaz-Canel මහතා යළිත් කියුබානු ජනාධිපති ධූරයට පත් ව ඇත. ඒ පිළිබඳව චීනයේ මතය කෙසේදැයි, අද (20) පැවති චීන විදේශ අමාත්‍යංශ නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙක් ප්‍රශ්නයක් යොමු කළේය.

චීනය හා කියුබාව එකිනෙකාට මනා මිත්‍රයෙක් මෙන්ම සහෝදරයෙක් වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා එහිදී අවධරණය කළේය. කියුබාව තම රටට සුදුසු සංවර්ධන මාවත අනුගමනය කිරීමට චීනය අඛණ්ඩව සහාය වන බවත්, දෙරටේ රාජ්‍ය නායකයන්ගේ පොදු එකඟතා ක්‍රියාත්මක කර, විවිධ සහයෝගිතා ශකතිමත් කරන බවත් හෙතෙම කීය. දෙර‍ට එක්ව පොදු ඉරණමක් සහිත චීන-කියුබානු ප්‍රජාවක් ගොඩනගමින් නව යුගයේ ද්වීපාර්ශ්වික සබඳතාව ප්‍රවර්ධනය කරන බව ද Wang Wenbin මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම