චී‍නයේ ඉදිරි සංවර්ධනය සලකා බැලීමේ දී ජනගහනය කෙරෙහි පමණක් අවධානය යොමු කළ නොහැකියි
2023-04-20 10:49:01
Share with:

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඊයේ(19) ‘2023 ලෝක ජනගහන තත්ත්වය පිළිබඳ වාර්තාව’ නිකුත් කළේ ය. ඉන්දියාව වසරේ මැද භාගයේ දී චීනය අභිභවා යමින් ලොව විශාලතම ජනගහනයට හිමිකම් කියනු ඇතැයි එමගින් පුරෝකථනය කෙරිණ. මෙම පුරෝකථනය ජනගහන සංවර්ධන නීතියකි. එහෙත්, බටහිර මාධ්‍ය එය වාර්තා කර ඇත්තේ, ‘ගෝලීය පටිපාටිය දැවැන්ත වෙනස්කමක් සිදුකරයි’ ‘ජනගහනය යන අශුභවාදී සාධකය හේතුවෙන් චීනයේ පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීමට බාධා එල්ල වෙයි’ යනාදී වශයෙන් පිළිකුල් සහගත අයුරිනි.

බටහිර මාධ්‍ය මෙම පුවත එලෙසින් වාර්තා කර ඇත්තේ පදනම් විරහිත මෙන්ම හාස්‍යජනක හේතුසාධකයක් ගොඩනගා ගැනීම සඳහා යි. එනම්, ‘ජනගහන වාසි අහිමි වීමෙන්, චීනය පිරිහෙනු ඇත. ඒ සමග ම, ලෝක ආර්ථිකය ද දුෂ්කරතාවට ලක්වනු ඇත’ යන අදහස හුවාදැක්වීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

කෙසේවෙතත්, වර්තමානයේ චීන ආර්ථිකය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු අදියරට පිවිස ඇත. ආර්ථික ඉදිරි දැක්ම තුළ නවෝත්පාදනය කැපීපෙනේ. ශ්‍රමය ප්‍රමුඛ කරගත් කර්මාන්තවලින් සමුගනිමින් සිටින චීනය, ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයේ ඉහළ මට්ටමකට ගමන් කරමින් සිටී.

චී‍නයේ ඉදිරි සංවර්ධනය සලකා බැලීමේ දී ජනගහනය පිළිබඳව  පමණක් සැලකිලිමක් වීම ප්‍රමාණවත් නොවේ. එහිදී ආර්ථික ප්‍රගමනය කෙරෙහි අවධානය යොමු කළ යුතුම ය. මෙම වසරේ පළමු කාර්තුවේ චීන ආර්ථික වර්ධනය 4.5% කට ළඟා වී, අපේක්ෂිත ඉලක්කය හා  අදාළ පුරෝකථනය අභිභවා ගොස් තිබීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම