බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළම මට්ටමකට
2023-04-20 10:52:01
Share with:

බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළම මට්ටමකට පැමිණෙයි.

බ්‍රිතාන්‍යයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය ඊයේ (19) නිකුත් කළ දත්තවලට අනුව, පසුගිය මාර්තු මාසයේ දී එරට ආහාර මිල ගණන්  ගෙවීගිය වසර 45 තුළ වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා වී තිබේ. ආහාර මිල ඉහළ යාමෙන් බලපෑමට ලක්වීම නිසා එරට මාර්තු මාසයේ උද්ධමන අනුපාතය වෙළඳපොළ අපේක්ෂාවන්ට වඩා වැඩි වූ අතර එය බටහිර යුරෝපා රටවල් අතර ඉහළම අගය ද විය.

මාර්තු මාසයේ උද්ධමන දත්ත හේතුවෙන් බ්‍රිතාන්‍ය මධ්‍යම බැංකුව එළඹෙන මැයි මාසයේ දී නැවතත් පොළී අනුපාත ඉහළ දමනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇත.

අඛණ්ඩ උද්ධමනය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මතු වී ඇති බරපතල ජීවන වියදම් අර්බුදය ජනතාවගේ අතෘප්තියට හේතු වී තිබේ. වැටුප් වැඩිවීම්, ඉහළ යන මිල ගණන් සමඟ සමබරව පවත්වා ගත නොහැකි බැවින් වෛද්‍ය කාර්ය මණ්ඩලය, ගුරුවරුන්, සිවිල් සේවකයන් සහ දුම්රිය රියැදුරන් යනාදී කණ්ඩායම් රැසක් පසුගිය දා වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව The Associated Press ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම