ගෝලීය ඒකාබද්ධ ක්‍රියාකාරකම් මගින් පොදු සංවර්ධනය නංවන ලෙස චීනය ඉල්ලයි
2023-04-20 09:51:23
Share with:

තිරසර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ ගෝලීය සම්මුතියට ගරුකරමින්, ඒකාබද්ධ ක්‍රියාකාරකම් ඔස්සේ පොදු සංවර්ධනය නංවන්නැයි චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලයි.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ අධ්‍යක්ෂ Luo Zhaohui මහතා පසුගිය 18 වැනිදා පැවති 2023 එක්සත් ජාතීන්ගේ මූල්‍යකරණය සංවර්ධන සංසදයේ දී මේ බව පැවසීය.

ඔහු එහිදී අවධාරණය කළේ, සැබෑ බහුපාර්ශ්විකත්වය තහවුරු කරමින්, සංවර්ධන ගැටළු යළිත් ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ කේන්ද්‍රයට රැගෙන ආ යුතු බවයි. ගෝලීය අනාරක්ෂිතභාවය පිටුදැකීම කෙරෙහි විශේෂ අවධානය යොමුකර, තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කරගැනීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කළ යුතු බව ද ඔහු පැවසීය.

අඛණ්ඩ ධනාත්මක ක්‍රියාමාර්ග ඔස්සේ, චීනය තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කරගැනීම සඳහා වැඩි දායකත්වයක් ලබාදෙනු ඇතැයි ද, Luo Zhaohui මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම