චීනයේ ප්‍රධාන ව්‍යවසායන්හි කර්මාන්ත නිෂ්පාදන වටිනාකම් වර්ධනය 3% කින් ඉහළට
2023-04-20 16:37:33
Share with:

මේ වසරේ පළමු කාර්තුවේ ප්‍රධාන ව්‍යවසායන්හි කර්මාන්ත නිෂ්පාදන වටිනාකම් වර්ධනය පසුගිය වසරේ සමාන කාල සීමාවට වඩා සියයට 3කින් වැඩි වූ බව චීන කර්මාන්ත හා තොරතුරු අමාත්‍යංශය පවසයි.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද(20)පැවති මාධ්‍ය හමුවේදී එම අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Zhiguo මහතා විසින් මේ වසරේ පළමු කාර්තුවේ චීන කර්මාන්ත හා තොරතුරුකරණය පිළිබඳ තත්ත්වය විස්තර කෙරිණ. 

එම කාල සීමාව තුළ චීනයේ කර්මාන්ත ආර්ථීකය ස්ථිර ලෙස පැවති බව හෙතෙම පැවසීය. කර්මාන්ත නිෂ්පාදනය ස්ථීර ලෙස පුනරුත්ථාපනය වෙමින් පවතී. ප්‍රධාන ව්‍යවසායන්හි කර්මාන්ත නිෂ්පාදන වටිනාකම සියයට 3කින් වැඩි වූ අතර එය පසුගිය වසරේ සිව්වන කාර්තුවට සාපේක්ෂව සියයට 0.3කින් වැඩි වී තිබේ.ප්‍රධාන ව්‍යවසායන්හි කර්මාන්ත නිෂ්පාදන වටිනාකම් වර්ධන වේගය, ගිය වසරේ ඔක්තෝම්බර් මස සිට අඛණ්ඩව පහත වැටීමේ ප්‍රවණතාව මෙතැන් සිට යළි ඉහළ යන බව එහිදී දැක්විණ. මේ අතර නිෂ්පාදන කර්මාන්තයේ ආයෝජනය අඛණ්ඩව ස්ථිරව වැඩි වෙමින් පවතී. විශාල කර්මාන්ත සහිත පළාත්වල කාර්මික වර්ධන වේගය ජාතික මට්ටමට වඩා සැලකිය යුතු ලෙස වැඩි වූ බව ද Zhao Zhiguo මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම