ඇමරිකාවේ ආර්ථික ප්‍රතිපත්තිය ගෝලීය මූල්‍ය ස්ථාවරත්වයට විශාලතම අභියෝගයක් බව චීනය පවසයි
2023-04-20 16:56:26
Share with:

ඇමරිකාවේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තිය ගෝලීය මූල්‍ය සේවා ස්ථාවරත්වයට විශාලතම අභියෝගයක් වී ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි. 

ඔහු එසේ පැවසුවේ අද(20) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකාවේ බැංකු කර්මාන්තයේ අස්ථාවර තත්ත්වය, ගෝලීය මූල්‍ය සේවා ස්ථාවරත්වය මුහුණපාන අවදානම වැඩි කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතම ‘ගෝලීය මූල්‍ය සේවා ස්ථාවරත්ව වාර්තාව’ නිකුත් කරමින් පෙන්වා දෙයි. මේ පිළිබඳ චීනයේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍ය වේදියෙකු එම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

දැනට ජාත්‍යන්තර මූල්‍ය සේවා අවදානම කැපී පෙනෙන ලෙස පැවතීමට හේතු වන්නේ ඇමරිකාව ඇතුළු සංවර්ධිත රටවල් ක්‍රියාත්මක කරන රැඩිකල් මුදල් ප්‍රතිපත්තිය බව වං වෙන්බින් මහතා කියා සිටියි.

සංවර්ධිත රටවල් අසීරුතාවන්ට පත් රටවලට, මතුපිටින් පමණක් නොව සැබවින්ම මූල්‍යාධාර ලබා දීමට පියවර ගනිමින් සිය වගකීම සෙසු රටවලට පවරා දීමට උත්සාහ නොකළ යුතු ය. සංවර්ධිත රටවල් ගෝලීය මූල්‍ය සේවා ස්ථාවරත්වය හා ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය සියතට ගෙන වගකීම් ඉටු කළ යුතු බව ද වං වෙන්බින් මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම