අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය සැමරේ
2023-04-20 18:19:26
Share with:

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවය අද(20) අඟුණකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

පෙරවරු 6.38ට යෙදුනු පැළ සිටුවීමේ නැකැතට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  දෙහි පැළයක් රෝපණය කළේය.

“නැකතට පැළයක්-ඵලයක් දෙන පැළයක් සිටුවමු” යන තේමාව යටතේ මෙවර ජාතික පැළ සිටුවීමේ නැකත සැමරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා තිබිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම