සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා සිරියාවේ නිල සංචාරයක
2023-04-19 10:10:36
Share with:

සෞදි අරාබි විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud මහතා  සිරියාවේ නිල සංචාරයක නිරත වෙයි. 2011 වසරේ සිරියානු අර්බුදය හටගැනීමෙන් පසු සෞදි අරාබියේ උසස් පෙළේ නිලධාරියෙකු සිරියාවේ නිල සංචාරයකට එක්වන  ප්‍රථම අවස්ථාව මෙයයි.

සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා ඊයේ (18) ඩමස්කස් අගනුවර දී සිරියානු ජනාධිපති Bashar al-Assad මහතා හමුවූ බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජනාධිපතිවරයා එහිදී පැවසුවේ සිරියාව හා සෞදි අරාබිය අතර පවතින ‘ප්‍රශස්ත සබඳතාව’ දෙරට ප්‍රතිලාභවලට පමණක් නොව, සමස්ත අරාබියේ හා කලාපීය ප්‍රතිලාභ කෙරෙහි ද හිතකර බවයි. සිරියාවේ භෞමික අඛණ්ඩතාව, ආරක්ෂාව හා ස්ථාවරත්වයට තම රට සහාය දක්වන බව සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

පසුගිය 12 වැනි දා, සිරියානු විදේශ අමාත්‍ය Faisal Mekdad මහතා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ දෙපාර්ශ්වය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, දෙරට කවුන්සලර් සේවා හා ගුවන් සේවා යළි ආරම්භ කිරීමට සූදානමින් සිටින බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම