ශ්‍රී ලංකාව සඳහා දිස්ත්‍රික් ඩිජිටල් සූදානම් දර්ශකයක්
2023-04-19 13:49:53
Share with:

ශ්‍රී ලංකාව සඳහා දිස්ත්‍රික් ඩිජිටල් සූදානම් දර්ශකයක් (District Digital Readiness Index) හඳුන්වා දීමට පියවර ගැනේ. 

මෙමඟින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහට ම ඩිජිටල් ආර්ථිකයට හා ඩිජිටල් සංවර්ධනයට අදාළ නිර්ණායකයන් පදනම් කර ගෙන සැසඳීමක් සිදු කරන අතර එමඟින් දිස්ත්‍රික්ක අතර ඇති විෂමතාවයන් සියල්ල ග්‍රහණය කරනු ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කෙරෙන මෙම සූදානම් දර්ශකයේ මූලික අදියර මේවන විටත් අවසාන කර තිබේ.

දිවයින පුරා  දිස්ත්‍රික්ක 21ක මේ වන විට දිස්ත්‍රික් ඩිජිටල් සංවර්ධන කමිටු  පිහිටුවා අවසන් කර තිබෙන අතර දිස්ත්‍රික්ක වශයෙන් අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සිඳුවනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම