චීනයේ විදේශ ආධාර වෛද්‍ය ප්‍රතිකාර සේවය කිසිඳු දේශපාලන කොන්දේසියකින් තොරව මිතුරන් අතර සිදු කෙරෙන අන්‍යෝන්‍ය උපකාරයක් පමණක් බව චීනය පවසයි
2023-04-19 17:07:41
Share with:

චීනය විදේශ රටවලට වෛද්‍ය සහනාධාර ලබා දීම මිත්‍රයන් අතර සිදුකෙරෙන අන්‍යෝන්‍ය උපකාරයක් වන අතර එහි කිසිඳු දේශපාලන කොන්දෙසියක් නොමැති බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (19) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ගතවූ වසර 60ක කාලය තුළ චීනය විදේශ රටවලට වෛද්‍ය සහනාධාර ලබා දීමේ ජයග්‍රහණය පිළිබඳව විස්තර කිරීමේදී ඔහු මේ බව සඳහන් කර ඇත. චීනය විදේශ රටවලට වෛද්‍ය සහනාධාර ලබා දීම මිත්‍රයන් අතර අන්‍යෝන්‍ය සහයෝගතාවකි. එහි කිසිඳු දේශපාලන කොන්දෙසි නොමැති අතර ප්‍රාදේශීය ලාභයන් අපේක්ෂා නොකරන බවද හෙතෙම පැවසීය.

විදේශ රටවලට වෛද්‍ය සහනාධාර ලබා දීම චීනයේ විදේශීය සහනාධාර කටයුතුවල වැදගත් කර්තව්‍යකි. එමෙන්ම එය පොදු ඉරණමක් සහිත මානව සෞඛ්‍ය ප්‍රජාව යන චින්තනයේ විචිත්‍ර ක්‍රියාත්මක කිරීමක් බවද හෙතෙම ප්‍රකාශ කළේය. පසුගිය 1963 වසරේ අප්‍රේල් මස ඇල්ජිරියාවට ප්‍රථම වෛද්‍ය කණ්ඩායම යොමු කිරීමෙන් පසු මේ වනවිට චීනය ලොව රටවල් හා ප්‍රදේශ 76කට ලබා දෙන ලද වෛද්‍ය සේවා පිරිස් වාර සංඛ්‍යාව 30000කි. රෝගීන් මිලියන 290ක පිරිසකට එමඟින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බව වං වෙන්බින් මහතා සඳහන් කළේය. 

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම