කිව්.ආර් සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව මේ සතියටත්
2023-04-19 13:50:33
Share with:

කිව්.ආර්.කේතය හරහා ඉන්ධන නිකුත් කිරීමේ දැනට පවතින ඉන්ධන කෝටාව මෙම සතියේ ද ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

මාස ගණනක් පැවති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පසුගිය සතියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළ අතර ඒ අනුව යතුරුපැදියක් සඳහා පැවැති ලීටර 4 ක කෝටාව 7 ක් දක්වා ද, ත්‍රිරෝද රථයක ලීටර 5 ක කෝටාව 8 ක් දක්වා ද, කාර් සහ වෑන් රථ සඳහා පැවැති ලීටර 20 ක කෝටාව 30 ක් දක්වා ද ලෙස සියලුම වාහනවල කෝටාව ඉහළ දැමීය.

ඉන්ධන කිව්.ආර්. කේතයේ නව සතියේ ආරම්භය 18 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසුව ක්‍රියාත්මක විය. 



ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම