චීනයේ මෘදුකාංග කර්මාන්තයේ වාර්ෂික වර්ධන වේගය 16% ක් දක්වා ඉහළට
2023-04-19 13:58:38
Share with:

චීනයේ මෘදුකාංග කර්මාන්තයේ වාර්ෂික වර්ධන වේගය 16% ක් දක්වා ළඟා වී ඇති බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසයි.

ඊයේ (18) ආරම්භ වූ චීන ජාත්‍යන්තර මෘදුකාංග සංවර්ධන සමුළුවේදී එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් මේ බව පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීනයේ මෘදුකාංග කර්මාන්තය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් වර්ධන වේගය 16% කට ළඟා වී ඇති බව හෙ‍තෙම කියා සිටියේය.

චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛණයකට අනුව, 2022 දී, චීනයේ මෘදුකාංග ව්‍යාපාර ආදායම යුවාන් ට්‍රිලියන 10 ඉක්මවා තිබෙන අතර, එය 2021වසරට වඩා 11.2%ක වැඩිවීමකි. එය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගයට වඩා 8.2% ක ඉහළ අගයක් කරා ළඟා විය. මේ වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා මෘදුකාංග නිෂ්පාදනවල ආදායම යුවාන් බිලියන 337.9 ක් වේ. ඒවා අතරින් කාර්මික මෘදුකාංග නිෂ්පාදනවල ආදායම යුවාන් බිලියන 39ක් වූ අතර එය 2022 වසරේ අදාළ කාලසීමාවට වඩා 13.6%ක වැඩිවීමකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම