ඉකුත් වසරේ චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර වෙළෙඳ පරිමාවේ ඉහළ වර්ධනයක්
2023-04-19 09:39:41
Share with:

2022 වසරේ දී චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර වෙළෙඳ පරිමාව ඇමෙරිකානු ඩොලර් බිලියන 70.2 දක්වා ඉහළ යයි. එය වාර්තාගත ඉහළ අගයක් බව චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා (18) ප්‍රකාශ කළේය.  මෙම වසරේ මුල් මාස දෙක තුළ චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර වෙළඳ පරිමාව ඉකුත් වසරේ එම කාලයට සාපේක්ෂව 22% කින් ඉහළ ගොස් ඇති අතර, එය ශක්තිමත් සංවර්ධන වේගයක් පවත්වා ගැනීම විශේෂත්වයකි.

"චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහේ" ආර්ථික හා වෙළඳ අමාත්‍යවරුන්ගේ පළමු රැස්වීම ඊයේ (18) වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ. 2022 වසරේ දී චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර ප්‍රායෝගික සහයෝගිතාව ඵලදායී ප්‍රතිඵල අත්කර ගත් බවත්,  එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඒකාබද්ධව ඉදිකිරීමේ සහයෝගිතා ලේඛන සහ මධ්‍යම හා දිගුකාලීන ආර්ථික සහ වෙළෙඳ සහයෝගිතා සැලැස්ම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇති බවත් චීන වාණිජ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම වසර චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ හරය පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවන පළමු වසර වන අතර, චීනය මධ්‍යම ආසියානු රටවල් සමඟ ආර්ථික සහ වෙළෙඳ සහයෝගිතාව සඳහා වැඩි අවස්ථා උදාකර දෙනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම