අධික උෂ්ණත්වය මැයි අවසානය දක්වා
2023-04-19 13:51:31
Share with:

ශ්‍රී ලංකාවට මේ දිනවල පවතින අධික උණුසුම් තත්වය ලබන මැයි මස අග දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා හොඳින් ස්ථාපිත වූ පසු දැඩි උණුසුම් තත්වය ක්‍රමයෙන් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය පැවසුවාය.

මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුන සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට උණුසුම් මාස තුනක් බව කී ජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකාව අන්තර් මෝසම් පරිච්ජේදයක සිටින නිසා පරිසර උෂ්ණත්වයට වඩා ශරීර උෂ්ණත්වය වැඩි බව ද සඳහන් කළාය.

ඒ හේතුවෙන් සුළ‍ඟේ වේගය විශාල වශයෙන් අඩුවී, පරිසරය තුළ ජල වාෂ්ප රැඳී තිබේ. ශරීරයෙන් නිකුත් වන වාෂ්ප දහනය නොවීම හේතුවෙන් ශරීරයට දැණෙන උෂ්ණත්වය ද ඉහළ ගොස් ඇත. පරිසර උෂ්ණවය මේ දිනවල සාමාන්‍යයෙන් අංශක 33 ත් 36 ත් අතර පැවතිය ද ශරීරයට ඊට වඩා වැඩි උෂ්ණත්වයක් දැනෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.  

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම