චීනය වසරේ පළමු කාර්තුවේ ලද ආර්ථික ජයග්‍රහණවලට ජාත්‍යන්තර තලයේ ඇගැයුම්
2023-04-19 10:36:56
Share with:

                   

                   චීන රජය මේ වසරේ පළමු කාර්තුවේ ජාතික ආර්ථික දත්ත නිකුත් කරයි. ඊයේ (18) එළිදැක්වුණු එම දත්ත අනුව මේ වසරේ පළමු කාර්තුවේ චීන දළ දේශීය නිෂ්පාදිතය චීන යුවන් ට්‍රිලියන 28.5 කට ළඟා වී ඇති අතර, පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂ ව 4.5% කින් වර්ධනය වී තිබේ. මේ වසරේ ගෝලීය ආර්ථිකය අස්ථාවර තත්ත්වයේ පසු වන බැවින් චීනය ලද මෙම ආර්ථික වර්ධනය ජාත්‍යන්තර තලයේ ඇගැයීමට ලක් ව තිබේ. බොහෝ විදෙස් මාධ්‍ය එම දත්ත උපුටා දක්වමින් කියා සිටින්නේ, මේ වසර ආරම්භයේ සිටම චීනය ආර්ථික ක්‍රියාකාරීත්වය සාර්ථක ව පවත්වාගෙන යන බවයි. ඇමරිකානු හා යුරෝපා ආර්ථිකය පසුගාමී තත්ත්වයේ පවතින පසුබිමක චීනයේ ආර්ථික ප්‍රකෘතිය ගෝලීය ආර්ථිකයට ජවයක් එක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය පවසන්නේ මේ වසරේ චීනය, ගෝලීය ආර්ථික වර්ධනය වෙනුවෙන් තුනෙන් එකක දායකත්වයක් සපයනු ඇති බවයි.

                   චීන ආර්ථිකය මෙසේ ස්ථාවර අයුරින් ප්‍රකෘතිමත් වීම නිරුත්සාහකව සිදුවූවක් නොවේ. මේ වසරේ මුල සිට ම රජය සක්‍රිය මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් රැකියා හා භාණ්ඩ මිල ස්ථාවර කිරීමේ පියවර රැසක් ක්‍රියාවට නංවා තිබේ. එසේම,  වසරේ පළමු කාර්තුවේ දේශීය පරිභෝජනය උත්තේජනය කිරීමට ද චීන රජය සමත් විය. එම කාලයේ දේශීය පරිභෝජනය ආර්ථික වර්ධනය වෙනුවෙන් 66.6% ක දායකත්වයක් ලබා දී තිබීම ද කැපීපෙනේ. ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් චීන ආර්ථිකයට මනා ජවයක් එක් වී ඇත. එසේම, රජය කාලෝචිතව කොවිඩ් වසංගත පාලන ප්‍රතිපත්ති සකස් කළ බැවින් චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය, බෝ ආඕ ආසියානු සංසදය හා කැන්ටන් ප්‍රදර්ශනය ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට ද චීනයට හැකි විය. එමගින් චීනයට සෙසු රටවල් සමග වඩාත් සමීප සම්බන්ධතා පැවැත්වීමට ඉඩ සැලසේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම