එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ඔත්තු බැලීම පිළිබඳව ඇමරිකාව පිළිතුරු ලබා දිය යුතු බව චීනය පවසයි
2023-04-19 18:47:02
Share with:

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ඔත්තු බැලීම පිළිබඳව ඇමරිකාව පිළිතුරු ලබා දිය යුතු බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(19) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, උසස් පෙළේ නිලධාරීන් හා ඒ ඒ රටවල නායකයන් කෙරෙහි ඇමරිකාව සිදු කළ ඔත්තු බැලීමේ සිද්ධි සම්බන්ධයෙන් හෙතෙම මේ අදහස් පළ කර ඇත.එවැනි සිද්ධි හෙළිදරව් කර තිබෙන්නේ පළමු වතාවට නොවන බවද හෙතෙම පැවසීය. 

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා ඉදිරිපත් කළ නිවේදනයට අනුව, ඇමරිකාවේ ක්‍රියාවන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා එක්සත් ජාතීන්ගේ සම්මුතියට සහ වරප්‍රසාද පිළිබඳ සම්මුතියේ ඇමරිකාව බාර ගත යුතු නියමිත වගකීම්වලට අනුකූල නොවන බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. ඇමරිකාව ජගත් ප්‍රජාවට විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට පිළිතුරක් ලබා දිය යුතු බවද හෙතෙම පැවසීය.  

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම