ඇමරිකානු යුද හමුදාවේ රහස්‍ය ලේඛන පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ නිල අවධානය
2023-04-19 10:47:09
Share with:

ඇමරිකානු යුද හමුදාවේ රහස්‍ය ලේඛන පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  නිල අවධානය ඇමරිකාව වෙත යොමුවෙයි.

ඇමරිකානු රජය, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හා සෙසු උසස් පෙළේ නිලධාරීන්ගේ රහස්‍ය සංවාදවලට සවන් දෙමින්, ඒවාට බාධා එල්ල කර ඇති බව එම ලේඛනවලින් හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා ඊයේ (18) පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ස්ථාවර නියෝජිත කණ්ඩායම මගින් ජගත් මහලේකම් කාර්යාලය නිල වශයෙන් ඇමරිකාව වෙත අවධානය යොමු කර ඇති බවයි.

ඇමරිකාවේ එම ක්‍රියා, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ විශේෂ වරප්‍රසාද හා මුක්තිය පිළිබඳ සම්මුතියෙන් නියම කර ඇති යුතුකම් හා කිසිසේත් නොගැළපෙන බව ද Stephane Dujarric මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම