ජේලන් වෝකර්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට එරෙහි චෝදනා ඇමරිකාවේ ප්‍රාන්ත මහා විනිශ්චය සභාවක් ප්‍රතික්ෂේප කරයි
2023-04-18 09:58:14
Share with:

අප්‍රිකානු-ඇමරිකානු ජාතික ජේලන් වෝකර්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට එරෙහි චෝදනා, ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මහා විනිශ්චය සභාව ප්‍රතික්ෂේප කරයි. බලය භාවිත කිරීම පොලිස් නිලධාරීන්ට නීත්‍යානුකූලව යුක්ති සහගත යැයි මහා විනිශ්චය සභාව නිගමනය කර ඇති බව ඔහියෝ ප්‍රාන්තයේ නීතිපති Dave Yost ඊයේ(17) පැවසීය.

පසුගිය වසරේ ජූනි 27 වැනිදා ඔහියෝ ප්‍රාන්තයේ ඇක්‍රොන් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් 8 දෙනෙක් මාර්ග නීති කඩ කළ බවට චෝදනා කරමින් Jayland Walker නැවැත්වීමට උත්සාහ කළ අතර, පසුව ලුහුබැඳීමේ දී ඔහුට වෙඩි තබා ඝාතනය කළහ. වෙඩි තබන අවස්ථාවේ Walker නිරායුධව සිටි බව වාර්තා වේ. අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණ වාර්තාවට අනුව උණ්ඩ 46ක් ඔහුට එල්ල කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම