අත්‍යවශ්‍ය මහජන සේවා පිළිබඳ විශේෂ ගැසට්ටුවක්
2023-04-18 19:07:39
Share with:

අප්‍රේල් 17 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අංශ හතරක සේවා, අත්‍යවශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව, විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, තැපැල් සේවය, නඩත්තු සම්බන්ධව අවශ්‍ය හෝ කිරීමට අවශ්‍ය ඕනෑම විස්තරයක්, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් පිළිගැනීම, රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම