ගෝලීය සමුද්‍ර කටයුතු පාලනයේ දී චීනය ලබා ඇති ප්‍රගතීන් ජාත්‍යන්තර සමුද්‍ර කටයුතු පිළිබඳ සංවිධානයේ පැසසුමට
2023-04-18 08:59:22
Share with:

ගෝලීය සමුද්‍ර කටයුතු පාලනයට එක් වීම තුළින් චීනය ලබා ඇති ප්‍රගතීන් ජාත්‍යන්තර සමුද්‍ර කටයුතු පිළිබඳ සංවිධානයේ පැසසුමට ලක් වෙයි.

එම සංවිධානයේ මහලේකම් Kitack Lim මහතා මේ බව පැවසුවේ පසුගිය 14වැනි දා බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ පිහිටි ජාත්‍යන්තර සමුද්‍ර කටයුතු පිළිබඳ සංවිධාන මූලස්ථානයේ දී එරට චීන තානාපති Zheng Zeguang මහතා හමුවූ අවස්ථාවේ දීය.

ජාත්‍යන්තර සමුද්‍ර කටයුතු පිළිබඳ සංවිධානයේ නීත්‍යානුකූල සාමාජිකත්වය චීනය යළි හිමිකර ගැනීමේ 50වැනි සංවත්සරය මෙම වසරට යෙදේ. එම සංවිධානයේ ලේකම් කාර්යාලය සඳහා චීනය දැක් වූ සහයට මහාලේකම්වරයා ස්තුතිය පළ කළේය.  සමුද්‍ර ප්‍රවාහනයෙන් ඇති වූ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සම්බන්ධ සාකච්ඡා කිරීම ඇතුළු පොදු අවධානයට ලක් වූ කරුණු සඳහා චීනය වඩාත් ප්‍රශස්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටී. චීනය සමග එක්ව, සමීප සහයෝගිතා පැවැත්වීමට ජාත්‍යන්තර සමුද්‍ර කටයුතු පිළිබඳ සංවිධාන ලේකම් කාර්යාලය සූදානම් බව ද Kitack Lim මහතා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම