චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසම් කාර්යාලයේ අධ්‍යක්ෂ හා ලාඕසයේ උප අග්‍රාමාත්‍ය අතර හමුවක්
2023-04-18 10:00:31
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසම් කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතා, ඊයේ(17) බෙයිජිං හි දී, ලාඕසයේ මහජන විප්ලවවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය Saleumxay Kommasith මහතා හමු විය.

එහි දී වං යී මහතා පෙන්වා දුන්නේ, ලාඕස පාර්ශ්වය සමග, ආසියාන් සංගමයේ කේන්ද්‍රීය ස්ථානය ආරක්ෂා කිරීමට මෙන්ම, විවෘත කලාපීයවාදය අනුගමනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බවයි. දෙපාර්ශ්වයම සිය පොදු නිජබිම ආරක්ෂා කරන අතර, කලාපීය සංවර්ධනය සහ පුනර්ජීවනය සඳහා වඩාත් හොඳ පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි, වං යී මහතා සඳහන් කළේ ය.

Saleumxay Kommasith මහතා එහි දී පෙන්වා දුන්නේ, චීන පාර්ශ්වය සමග, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතා ශක්තිමත් කිරීමට මෙන්ම, "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ උසස් තත්ත්වයෙන් ඒකාබද්ධ‍ව ක්‍රියාත්මක කිරීමට, ලාඕසය කැමැත්තෙන් සිටින බවයි. දෙපාර්ශ්වයම ලාඕස-චීන පොදු ඉරණමක් සහිත ප්‍රජාව මැනවින් ගොඩනගන අතර, සමාජවාදයේ ව්‍යායාමය ඒකාබද්ධව ප්‍රවර්ධනය කරනු ඇතැයි, Saleumxay Kommasith මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම