ඇමරිකාව, චීන - ලතින් ඇමරිකානු සබඳතාව දියාරු කිරීමේ උත්සාහයක
2023-04-18 21:28:56
Share with:

"ඇමරිකානු යුද හමුදාවේ දක්ෂිණ අණදෙන නිලධාරි  Laura Richardson ආර්ජන්ටිනා නිලධාරීන් සමඟ හමුවේදී සාකච්ඡා කළේ චීනය ලතින් ඇමරිකාවට කරන බලපෑම පිළිබඳවයි." Laura Richardson හා ආර්ජන්ටිනා නිලධාරීන් අතර පැවැත්වුණු සාකච්ඡාව පිළිබඳව ආර්ජන්ටිනාවේ මාධ්‍ය ඊයේ (17) මෙලෙස අදහස් පළ කළේය.

" චීනය සහ ආර්ජන්ටිනාව අතර පවතින සබඳතා ඇමරිකාව දියාරු කිරීමට උත්සාහ දරමින් සිටී." මෑතකදී ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස ආර්ජන්ටිනාවේ සංචාරය කිරීමේ අරමුණ පිළිබඳව ආර්ජන්ටිනාවේ Pagina 12 පුවත්පත මේ ලෙස අදහස් දැක්වීය. ඇතැම් මාධ්‍ය පෙන්වා දුන්නේ චීනය හා ලතින් ඇමරිකාව අතර සහයෝගීතාව, විශේෂයෙන්ම ආර්ජන්ටිනාව සමඟ සහයෝගීතාව පිළිබඳව ඇමරිකාව අඛණ්ඩව නිරීක්ෂණය කරන බවයි.

ඊට හේතු වන්නේ ආර්ජන්ටිනාව ලතින් ඇමරිකාවේ විශාල රටක් වීමයි. මෑත වසර කිහිපය තුළ චීනය හා ආර්ජන්ටිනාව අතර මිත්‍ර සහයෝගීතා අඛණ්ඩව තහවුරු කෙරෙමින් පවතී. චීන-ආර්ජන්ටිනා සහයෝගීතාව ඇමරිකාවේ ජයග්‍රහණයට අභියෝගයක් වූ අතර ඇමරිකාවේ ආධිපත්‍යයට තර්ජනයක් වී ඇතැයි ඇමරිකාව විශ්වාස කරයි. ලතින් ඇමරිකාව පාලනය කරමින් එම කලාපය සිය "අමුද්‍රව්‍ය සැපයුම් ස්ථානය", "නිෂ්පාදන කසළ වෙළඳපොළ" සහ "සංස්කෘතික යටත්විජිතය " ලෙසට අඛණ්ඩව පත්කිරීමට ඇමරිකාව උත්සාහ දරමින් සිටී.  

එහෙත් ඊට පෙර නොවූ අයුරෙන් දැනට ලතින් ඇමරිකානු රටවල සමගිය, සහයෝගීතාව හා සංවර්ධනය මෙන්ම ස්වාධිපත්‍ය සඳහා ඉල්ලීම් පෙරට වඩා ශක්තිමත් වී තිබේ. මෙම වසරේ ජනවාරි මස ලතින් ඇමරිකානු සහ කැරිබියන් රාජ්‍යයන්ගේ ප්‍රජාවේ 7 වන නායක සමුළුව ‘Buenos Aires ප්‍රකාශනය’ නිකුත් කර ඇත. එම ප්‍රකාශනයට අනුව,  විදේශ මැදිහත්වීම් සහ අධිපතිවාදයට එරෙහිව දැඩි ලෙස විරෝධය පළ කිරීමට එකඟවී තිබේ‍. 

වර්තමානයේ ලතින් ඇමරිකාවේ සිදුවීම්  ආර්ජන්ටිනාවේ මාධ්‍යවලින් විද්‍යාමාන වේ.   "නැගී එන වෙළඳපල දියුණු වීමට උත්සාහ කරන මොහොතක, ඇමරිකාවට වඩාත් සමීප වීමෙන් ලතින් ඇමරිකාවට අත් වූ ඓතිහාසික ඉරණම වෙනස් කළ හැකිය."

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම