තම උපාය මාර්ගික ආරක්ෂක ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ආවර්ජනය කරන ලෙස චීනය G7 කණ්ඩායමෙන් ඉල්ලයි
2023-04-18 18:17:31
Share with:

සිය උපායමාර්ගික ආරක්ෂක ප්‍රතිපත්තිය කෙරේ ස්වයං සමාලෝචනයක් සිදු කරන ලෙස චීනය ජී7 කණ්ඩායමෙන් ඉල්ලා සිටියි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(18) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී ඒ බව ප්‍රකාශ කළේය.

ජී7 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම අද දිනයේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් චීනයේ ‘න්‍යෂ්ටික අවි ගබඩාව ව්‍යාප්තිය’ට අවධානය යොමු කර ඇමරිකාව සමග උපායමාර්ගික අවදානම් අඩු කිරීම පිළිබඳ සංවාදයක් ආරම්භ කරන ලෙස චීනයෙන් ඉල්ලා ඇත. ඒ පිළිබඳ චීනයේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍යවේදියෙක් එම මාධ්‍ය හමුවේදී විමසුවේය.

ජී7 කණ්ඩායම විනිශ්චයකරුවා ලෙස ස්වයංව හඳුන්වා දී සෙසු රටවල උපායමාර්ගික ආරක්ෂක හා හමුදාමය ප්‍රතිපත්තිය හිතාමතාම විවේචනය කරමින්, ජාත්‍යන්තර න්‍යෂ්ටික නිරායුධකරණ හා න්‍යෂ්ටික නිර්ව්‍යාප්තිකරණයට දරන උත්සාහයන් විනාශ කිරීමට අඛණ්ඩව තැත් කර ඇති බව වං වෙන්බින් මහතා කියා සිටියේය. ජී7 කණ්ඩායමට ජගත් ප්‍රජාවෙන් විශ්වාසය දිනා ගත නොහැකි බව ද ඔහු පැවසීය.

සෙසු රටවලට අපවාද කිරීම හා සතුරුකම් ඇති කිරීම නතර කර සිය උපායමාර්ගික ආරක්ෂක ප්‍රතිපත්තිය කෙරේ ස්වයං සමාලෝචනයක් සිදු කරන ලෙස චීනය ජී7 කණ්ඩායමෙන් ඉල්ලා සිටියි. එමෙන්ම එම කණ්ඩායම සිය ජාත්‍යන්තර නිරායුධකරණ බැඳීම් ප්‍රායෝගිකව ඉටු කරමින් ලෝක සාමය හා සුරක්ෂිතතාවට වගකියන අයුරින් කටයුතු කළ යුතු බව ද වං වෙන්බින් මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම