චීනයේ සහය ශ්‍රී ලංකාවට තව දුරටත්
2023-04-18 19:09:23
Share with:

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහන සඳහා චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු අනෙකුත් සියළුම මිත්‍ර රටවල්, ජාත්‍යන්තර සංවිධානවල උපදේශකත්වය, ආධාර සහ අනුග්‍රහය ශ්‍රී ලංකා රජය විශේෂයෙන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී චීන නියෝජිතයන්ට පැවසීය.

ශ්‍රී ලංකාවේ අතිශය මිත්‍රශීලී රටක් ලෙස චීනය සෑම අවස්ථාවකදීම මෙරටට අවශ්‍ය සහයෝගය ලබාදීමට අඛණ්ඩව කටයුතු කරන බව සාකච්ඡාවට එක්වූ චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොං මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම