පළමු කාර්තුවේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 4.5%කින් ඉහළට
2023-04-18 14:40:01
Share with:

මෙම වසරේ පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.5ක වර්ධනයක් අත් කර ගනී.

එම කාලය තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ට්‍රිලියන 28.5ක් වන බව චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(18) පළ කළ දත්තවල දැක්වේ.

කෘෂි කර්මාන්තයේ වර්ධන වටිනාකම පසුගිය වසරේ පළමු කාර්තුවට වඩා සියයට 3.6කින් වැඩි වූ අතර වසන්ත සෘතුවේ වගා කටයුතු විධිමත් ලෙස පවත්වා ගෙන යමින් පවතී.  

විශාල පරිමාණයේ කර්මාන්ත ඒකකවල වර්ධන වටිනාකම වසරින් වසරට සියයට 3කින් වැඩි වී ඇත. සේවා කර්මාන්තයේ කැපී පෙනෙන ඉහල යාමක් පෙන්නුම් කළ අතර එහි වර්ධනය ද සියයට 5.4කි.

සමීක්ෂණයට ලක් වූ රටේ සාමාන්‍ය නාගරික විරැකියා අනුපාතය සියයට 5.5ක් වන අතර පසුගිය වසරේ සිව්වැනි කාර්තුවට සාපේක්ෂව එය සියයට 0.1ක අඩුවීමකි. පාරිභෝගික මිල දර්ශකයේ සියයට 1.3ක වර්ධනයක් දක්නට ලැබේ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම