ඇමරිකාව අන්තර්ජාල ආරක්ෂාව නොව ජාල ආධිපත්‍ය අරමුණු කර ගත් රටක්
2023-04-18 16:34:22
Share with:

ඇමරිකාව අන්තර්ජාල ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවට සිය අන්තර් ජාල ආධිපත්‍යය සහතික කරන බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(18) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. මාධ්‍ය වාර්තාවකට අනුව,  මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඇමරිකානු සමාජ මාධ්‍ය වේදිකාව වන twitter හි ප්‍රධාන විධායක Elon Musk මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු රජයට twitter භාවිත කරන්නන්ගේ සියළු පෞද්ගලික පණිවුඩ කියවිය හැකිවීම කෙරෙහි ඔහු කම්පනයට පත් වූ බවයි.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් වං වෙන්බින් මහතා අදහස් පළ ‍කළේය. 

අදාළ වාර්තාවට අවධානය යොමු වූ බවත්, ඇමරිකාව දිගු කාලයක සිට යුරෝපීය රටවල නායකයන්ගේ දුරකථන සංවාද නිරීක්ෂණය කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. සිය මිත්‍ර රටවල නායකයන්ගේ රහස්‍ය ගරු නොකරන රටක් ලෙස ඇමරිකාව සමාජ මාධ්‍යයන්හි භාවිතකරන්නන්ගේ රහස්‍ය දත්ත නිරීක්ෂණය කිරීම පුදුමයක් නොවේ. ඇමරිකාව අන්තර්ජාල ආරක්ෂාව සුරක්ෂිත කරනවා නොව, සිය රටේ අන්තර්ජාල ආධිපත්‍යය සුරක්ෂිත කිරීම ඔවුන්ගේ සැබෑ අරමුණ බව බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම