යේමන ප්‍රශ්නයට හිතකර දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව චීනය ප්‍රකාශ කරයි
2023-04-18 09:01:19
Share with:

යේමනයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වේ. ඊයේ (17) පැවති එම රැස්වීමේ දී, එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා පැවසුවේ, කලාපයේ ප්‍රවණතාවය අනුගමනය කරමින් යේමන ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා ප්‍රායෝගික පියවර ගන්නා ලෙස චීනය යේමනයේ සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ මස 6 වැනිදා සෞදි අරාබියේ සහ ඉරානයේ විදේශ අමාත්‍යවරුන් චීනයේ බෙයිජිං නුවර දී හමුවී වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කරන බව ප්‍රකාශ කළ බවත්, එය ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා සංවාදයට සහ උපදේශනයට හොඳ ආදර්ශයක් ලබා දුන් බවත් Geng Shuang මහතා පැවසීය. සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙසත්, අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු කරන සහ ආතතිය ඇති කරන ප්‍රකෝපකාරී ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙසත්, යේමන ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙන හිතකර කොන්දේසි සම්පාදනය කරන ලෙසත්, චීනය ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව Geng Shuang මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම