දෙරටේම සංචාරයන්ට ඉරාන ජනාධිපතිවරයා හා සෞදි අරාබි රජු එකිනෙකාට ආරාධනා කරති
2023-04-18 09:04:12
Share with:

ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා හා සෞදි අරාබි රජු Salman bin Abdul Aziz Al Saud මහතා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට දෙරටේ සංචාරයන්ට ආරාධනා කළ බව ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Nasser Kanaani මහතා ඊයේ(17) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

එමෙන්ම ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian සහ සෞදි අරාබි විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud යන මහත්වරුන් ද එකිනෙකාට සංචාරයන්ට ආරාධනා කර ඇති අතර අදාළ සැලසුම් අවසන් කිරීමෙන් පසු දෙරටේ විවිධ මට්ටම්වල නිලධාරීන්ගේ  සංචාර සිදු වනු ඇත. ආර්ථික හා වෙළඳ, සංස්කෘතික, ක්‍රීඩා සහ ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ගිවිසුම් ක්‍රියාවට නැංවීම දෙපාර්ශ්වය ප්‍රවර්ධනය කරමින් සිටිති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම