සංචාරයට හොඳම රටවල් අතරට ලංකාව යළි එක් වෙයි
2023-04-18 19:08:27
Share with:

සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන, මේ වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවද එක් කර තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත, මෙම රටවල් 23 නම් කර ඇත. සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගනු ලැබ තිබේ.

ඉහළ උද්ධමනයක් තිබුණත් ශ්‍රී ලංකාව දර්ශනීය සහ සංචාරක ගමනාන්තයක් වනු ඇති බව ජුලියානා පෙන්වා දී තිබේ.

අනුරාධපුරය, මහනුවර, පින්නවල අලි අනාථාගාරය සහ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන බවත්, කෙටි දුරක් ගමන් කර නැරඹිය හැකි ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බවත් ඇය පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම