චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2023-04-18 17:19:47
Share with:

ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි මැදිහත්වීම් නතර කළ යුතු බව චීනය පවසයි.

චීනය ඇමරිකාව සමඟ සබඳතාව පැහැදිලි කළ යුතු බවත්, දෙරට අතර සබඳතාවයේ ප්‍රගතියක් අපේක්ෂා කරන බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken G7 විදේශ අමාත්‍යවරුන් රැස්වීමේදී පැවසීය. එය‍ට චීනයේ ප්‍රතිචාරය පිළිබඳව, අද (18) පැවති චීන විදේශ අමාත්‍යංශ නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙක් ප්‍රශ්නයක් යොමු කළේය.

දෙරටේ සබඳතාව සංවර්ධනය කිරීමේදී, චීනය අඛණ්ඩව අන්‍යෝන්‍ය ගරු කිරීම, සාමකාමීව කටයුතු කිරීම සහ සහයෝගිතාවෙන් පොදු ප්‍රතිලාභ ලබා ගැනීම යන මූලධර්මයන් අනුගමනය කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා එහිදී පැවසීය. වත්මන් ද්විපාර්ශ්වික සබඳතාවේ උණුසුම්කාරී බවට හේතුව චීනය කෙරෙහි ඇමරිකාවේ පවතින වැරදි අවබෝධය හා ප්‍රතිපත්තීන් වේ. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම හා චීනයේ ප්‍රතිලාභයන්ට හානි කිරීම ඇමරිකාව නතර කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම