ජපානය අවසරයකින් තොරව න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා නොහැරිය යුතු බව චීනයේ ස්ථාවරයයි
2023-04-17 18:36:18
Share with:

ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම අයුතු ලෙස ආරම්භ නොකළ යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(17) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. 

ජාත්‍යන්තර ප්‍රජාව විසින් මතු කරන ලද සාධාරණ ආරක්‍ෂක අවශ්‍යතා නොසලකා හැර, න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ හානිය අවතක්සේරු කිරීමට සහ වසන් කිරීමට ජපාන පාර්ශ්වය උත්සාහ කළ බව වං වෙන්බින් මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම වෙනත් රටවල් දිනා ගනිමින් සිය දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලසුමට අනුබල දීමට ජපානය උත්සාහ ගන්නා බවද හෙතෙම පැවසීය. 

ජපානයේ මෙවැනි වැරදි "සෝදා හැරීමේ" ක්‍රියාවන් නිෂ්ඵල වනු ඇතැයි හෙතෙම සඳහන් කළේය. න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ ජපානයේ සැලසුමට ජාත්‍යන්තර ප්‍රජාව ඉහළින් කනස්සල්ල සහ විරෝධතා පළ කිරීම කෙරෙහි චීනය ද අවධානය යොමු කර ඇති බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම