එළු පාලනයට කැමති තරුණයින්ට එළුවන් 70,000ක්
2023-04-17 14:41:22
Share with:

මෙම වසර තුළ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එළු පාලනයට කැමති, ග්‍රාමීය අංශයේ රැකියා නොමැති තරුණ ප්‍රජාව අතර එළුවන් 70,000ක් බෙදා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වැඩපිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 150ක මුදලක් වැය කිරීමට යෝජිතය.

එළු පාලනය සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා දීම මෙන්ම එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සඳහා (Buy Back) පුද්ගලික අංශයේ සහයෝගය සලසා දීමට ද නියමිත ය.

මේ සඳහා ඉඩකඩ ඇති දිස්ත්‍රික්ක කිහිපයක් මුලින් තෝරාගෙන වැඩසටහන ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම