රුසියානු ජනපති චීන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
2023-04-17 10:33:52
Share with:

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා ආරක්ෂක අමාත්‍ය Li Shangfu  මහතා හමුවෙයි. එම හමුව මොස්කව් නුවර දී ඊයේ (16) සිදුවිය.

නව යුගයේ රුසියානු-චීන සබඳතා වර්ධනය කිරීම සඳහා තමා සහ චීන ජනාධිපතිවරයා සැලසුම් සකස් කර ඇති බවත්, දෙරට අතර උපායමාර්ගික සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වූ බවත් ව්ලැද්මීර් පුටින් මහතා මෙහිදී කියාසිටියේය.

චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, චීන-රුසියානු සබඳතා වර්ධනය කිරීමේ දිශානතිය මෙහෙයවන්නේ දෙරට රාජ්‍ය නායකයන් දෙදෙනා බවයි. එම දෙපළ අතර ඇතිකරගත් එකඟතාව සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවා, දෙරට හමුදා අතර උපායමාර්ගික සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය. බහුපාර්ශ්වික සම්බන්ධීකරණය සහ සහයෝගිතාව ශක්තිමත් කර, කලාපීය හා ගෝලීය ආරක්ෂාව මෙන්ම ස්ථාවරත්වය වෙනුවෙන් නව දායකත්වයක් ලබාදීම සඳහා චීනය රුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානමින් සිටින බව ද Li Shangfu මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම