ශ්‍රී ලංකාවේ ජපන් සංවර්ධන ව්‍යාපෘති නැවත ඇරඹීමට ජයිකා තීරණය කරයි
2023-04-17 14:42:39
Share with:

ජපන් ආධාර යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීත්ව ඒජන්සිය (JICA) තීරණය කර තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කෙරෙහි ජපානයේ අවධානය යොමුව තිබෙන අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා තම ආයතනය උනන්දුවෙන් පසුවන බව ද ජපන් ජාත්‍යන්තර සහයෝගීත්ව ඒජන්සියේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි ඉමොටෝ සචිකෝ මහත්මිය ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ මූලිකත්වයෙන් ඇමරිකාවේ පැවැත්වෙන ස්ප්‍රිං සමුළුවට සහභාගිවන මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා හමුවූ අවස්ථාවේ ඒ මහත්මිය මේ බව සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම