චීන කැන්ටන් ආනයන හා අපනයන ප්‍රදර්ශනයෙන් ගෝලීය ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයට මනා පිටුබලයක්
2023-04-17 11:01:01
Share with:

චීන කැන්ටන් ආනයන හා අපනයන ප්‍රදර්ශනය චීනය හා ලොව අතර පවතින ආර්ථික හා වෙළඳ සබඳතාවට මනා පිටුබලයක් ලබා දී ඇතැයි, එම ප්‍රදර්ශනයේ උපමහලේකම් මෙන් ම චීන විදේශ වෙළඳ මධ්‍යස්ථාන උපඅධ්‍යක්ෂ Wen Zhongliang මහතා කියාසිටී.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (16) පැවති චීන-අප්‍රිකානු, බටහිර ආසියානු ආර්ථික හා වෙළඳ සහයෝගිතා සඳහා වන නව අවස්ථා පිළිබඳ සංසදයට එක්වෙමිනි.

කැන්ටන් ආනයන හා අපනයන ප්‍රදර්ශනය චීනයේ විවෘතභාවයේ වැදගත් කවුළුවක් බව උපමහලේකම්වරයා පවසයි. ආරම්භයේ සිට ගත වූ  වසර 67 තුළ, එම ප්‍රදර්ශනය මගින් සිදුකර ඇති අපනයනයන් හි සමස්ත වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 1.5 කි. මාර්ගගත හා මාර්ගගත නොවන අයුරින් ප්‍රදර්ශනයට එක්වූ විදේශ ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව දසලක්ෂයක් පමණ වන බව ද Wen Zhongliang මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම