සුඩානයේ වත්මන් තත්වය කෙරෙහි අරාබි රාජ්‍ය සංගමයේ අවධානය
2023-04-17 10:23:12
Share with:

සුඩානයේ තත්වය සම්බන්ධයෙන් අරාබි රාජ්‍ය සංගමය හදිසි රැස්වීමක් පවත්වයි.

අරාබි රාජ්‍ය සංගමය, ඊජිප්තුවේ කයි‍රෝ අගනුවර පිහිටි මූලස්ථානයේ දී හදිසි රැස්වීමක් පවත්වමින් සුඩානයේ වත්මන් තත්වය පිළිබඳව ඊයේ(16) සාකච්ඡා කළේය.

අරාබි රාජ්‍ය සංගමයේ සාමාජික රටවල ස්ථාවර නියෝජිතවරු, ඊජිප්තුව සහ සෞදි අරාබියේ ඇරයුමින් ඊට සහභාගි වූහ.

රැස්වීමෙන් පසු ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් එම සංගමය සුඩානයේ ගැටුම්වලට අදාළ දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටියේ, කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කර, සාමකාමී ලෙස සාකච්ඡා මගින් මතභේද විසඳා ගන්නා ලෙස යි.

සුඩානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බව ද අරාබි රාජ්‍ය සංගමය අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20230921බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම