ධාන්‍ය ගොවීන්ට සහනාධාර සඳහා චීන රජය යුවාන් බිලියන 10ක් වෙන් කරයි
2023-04-17 17:02:01
Share with:

ධාන්‍ය සැබැවින්ම  වගා කරන ගොවීන් වෙත එක් වරක් සහනාධාර මුදල් බෙදා හැරීමට චීන මධ්‍යම රජය යුවාන් බිලියන 10ක් වෙන් කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා රාජ්‍ය මණ්ඩලයේ සැලසුම් හා තීරණයට අනුව, කෘෂි නිෂ්පාදන ද්‍රව්‍ය වෙළඳපොලේ මිල ප්‍රවණතාව හා කෘෂි නිෂ්පාදනයේ තත්ත්වය සලකා මෑතකදී අදාළ මුදල් වෙන් කෙරිණ. ධාන්‍ය සැබවින්ම වගා කරන ගොවි ජනතාවට එක් වරක් සහනාධාර මුදල් බෙදා හැර වසන්ත සෘතුවේ ගොවිතැන් කටයුතුවලට අනුබල දෙමින් ගොවී ජනතාව ධාන්‍ය වගා කිරීම සඳහා සක්‍රිය ලෙස තවදුරටත් දිරිමත් කෙරෙනු ඇත.

මෙම සහනාධාරයේ ඉලක්ක වන්නේ ධාන්‍ය වගා කිරීම සඳහා තමන්ගේම ගිවිසුම්ගත ඉඩම භාවිත කරන ගොවීන්, ගොවිබිම් මාරු කර විශාල පරිමාණයේ ගොවිබිම්හි ධාන්‍ය වගා කරන ගොවීන්, පවුල් ගොවිපල, ගොවි සහයෝගතා ප්‍රජාව, කෘෂිකාර්මික ව්‍යවසායන් සහ වෙනත් නව කෘෂිකාර්මික ව්‍යාපාර ඇතුළුව සැබෑ ධාන්‍ය වගා කරන්නන් ය. ඒ ඒ ප්‍රදේශවල අදාළ තත්ත්වයන් සලකා සහනාධාර මුදල් ප්‍රමිතීන් සකස් කරමින් නවීන තොරතුරු තාක්ෂණ ක්‍රමවේද මගින් එම සහනාධාර මුදල් මනා ලෙස බෙදා දිය යුතු බවද එහිදී ප්‍රකාශ කෙරිණ. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම