තායිවාන බෙදුම්වාදීන්ගේ ක්‍රියාවන්ට සහාය දීම, තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය විනාශ කිරීමක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.
ඔහු එසේ පැවසුවේ අද(17) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදීය. ජපානයේ පැවති ජී7 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම, චීනය ප්‍රචණ්ඩකාරී ආකාරයෙන් තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ‘වත්මන් තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දැරීම’ට විරෝධතා පළ කිරීම පිළිබඳව මාධ්‍ය වේදියෙකු එහිදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු චීන පාර්ශ්වයේ ස්ථාවරය පැහැදිලි කළේය.
තායිවාන දූපතේ ඇතැම් බෙදුම්වාදීන්, බාහිර බලවේගයේ සහාය යටතේ බෙදුම්වාදී ක්‍රියාවල නිරත වූ බවත්, එය, තායිවාන සමුද්‍ර සන්ධි දෙපස නොසන්සුන්තාවයට ප්‍රධානම හේතුව බවත් ඔහු පෙන්වා දෙයි. තායිවාන බෙදුම්වාදීන්ට විරුද්ධ වීම යනු, තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ‘වත්මන් තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දැරීම’ ලෙස කීම, එකම චීන මූලධර්මයෙන් ඈත් වීමකි. එය අදාල කලාපයේ සාමය හා ස්ථාවරත්වය විනාශ කිරීමට ගත් උත්සාහයක් වන බව වං වෙන්බින් මහතා කීය.