ඇමරිකාව විසින්‘Fentanyl’ නිෂ්පාදනය කළ හැකි රසායනික ද්‍රව්‍යවලට අදාල චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කිරීම හා සම්බාධක පැණවීමට චීනය දැඩි ලෙස ‍විරෝධතා පළ කරයි
2023-04-17 19:56:45
Share with:

ඇමරිකාව විසින් ‘Fentanyl’ නිෂ්පාදනය කළ හැකි රසායනික ද්‍රව්‍යවලට අදාල චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කිරීම හා සම්බාධක පැණවීම දැඩි ලෙස හෙලා දකින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

Fentanyl නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, සාමාන්‍ය රසායනික ද්‍රව්‍යයන් වේ. සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයට ගලා යාම වැළැක්වීම, ආනයනික පාර්ශ්වයේ වගකීම බව ජගත් පිළි ගැනීමකි. ඇමරිකාව සත්‍ය විකෘති කර චීනය හා අදාල රටවල් අතර නිත්‍ය රසායනික වෙළඳාම කෙරේ අහේතුකව චෝදනා නගමින් එය හේතු කොට ගෙන චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කරමින් සම්බාධක පණවන බව ප්‍රකාශ කර ඇත. මේ තුළින් ඇමරිකාවේ දාමරිකතාවය අනාවරණය වී තිබේ. ඇමරිකාවේ ක්‍රියාව ජගත් නීතිය උල්ලංඝනය කිරීමක් බව ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම