සුඩාන රජයේ හමුදා සහ රාජ්‍ය විරෝධී සන්නද්ධ හමුදා කණ්ඩායම අතර ගැටුම උත්සන්න වේ
2023-04-16 17:07:58
Share with:

සුඩාන රජයේ හමුදා සහ රාජ්‍ය විරෝධී සන්නද්ධ හමුදා කණ්ඩායම අතර ගැටුම Khartoum අගනුවර ඊයේ(15) රාත්‍රිය දක්වාම අඛණ්ඩව පැවති අතර මේ වන විට එරට තුළ දරුණු ගැටුම් ද නිර්මාණය වී ඇත.

රාජ්‍ය විරෝධී සන්නද්ධ කණ්ඩායම, හමුදා ජෙනරාල්වරයාගේ නිවස ඇතුළු Khartoum අගනුවර මහජන මූලස්ථානයට ප්‍රහාර එල්ල කළ බව සුඩාන හමුදාවේ අණදෙන නිලධාරි Abdel Fattah Al-Burhan චෝදනා කළේය.

එයට ප්‍රතිචාර දක්වමින් RSF කමාන්ඩර් Mohamed Hamdan Dagalo පවසන්නේ ප්‍රහාරය ආරම්භ කළේ සිය පාර්ශ්වය නොව රජයේ හමුදා බවයි. නමුත් ජනාධිපති මන්දිරය, හමුදා මූලස්ථානයේ මූලෝපායික ගොඩනැගිල්ලක් සහ අගනුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ තමන් නතු කර ගත් බව රාජ්‍ය විරෝධී සන්නද්ධ කණ්ඩායම් නිවේදනය කර ඇත.

මේ වන විට ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව හෝ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ නිල සංඛ්‍යාලේඛන නිකුත් වී නොමැති අතර, සුඩාන වෛද්‍ය අංශ ප්‍රකාශ කළේ අවම වශයෙන් සිවිල් වැසියන් තිදෙනෙකුවත් මිය ගොස් ඇති අතර, සැලකිය යුතු පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම