වසන්ත සෘතුවේ චීනයේ ධාන්‍ය වගා කළ භූමි ප්‍රමාණය අක්කර මිලියන 23 ඉක්මවයි
2023-04-16 16:17:05
Share with:

චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ නවතම කෘෂිකාර්මික වාර්තාවලට අනුව, මේ වන විට චීනයේ වසන්ත කාලයේ ධාන්‍ය වගා කළ භූමි ප්‍රමාණය අක්කර මිලියන 23 ඉක්මවයි. මෙය සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 15.1ක් වන අතර, එය පසුගිය කාලසීමාවට සාපේක්ෂව සියයට 0.6ක වර්ධනයක් පෙන්වයි.

වී වැපිරීමේ කටයුතු මූලික වශයෙන් අවසන් කර ඇති අතර, එහි අනුපාතය සියයට 60ක් පමණ වේ. අර්තාපල් වගාවෙන් සියයට 30ක් ද තිරිඟු වගාවෙන් සියයට 40 ක් පමණ ද මේ වන විට වපුරා ඇත. එසේම බඩ ඉරිඟුවලින් සියයට 10ක් පමණ වපුරා ඇති අතර, සෝයා බෝංචිවලින් සියයට 7.5ක් වපුරා තිබේ.

සරු ධාන්‍ය අස්වැන්නක් සඳහා ශක්තිමත් පදනමක් දැමීම සඳහා,  සියලුම ප්‍රදේශවල වගා අවධිය සක්‍රීයව ග්‍රහණය කර ගනිමින්, වසන්ත සමයේ සීසෑම සහ කළමනාකරණය ඵලදායී කිරීමට උත්සාහ කරමින් සිටිති.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම