චීන විදේශ වෙළඳාමෙහි කැන්ටන් ප්‍රදර්ශනයට හිමි සුවිශේෂී කාර්යභාරය ඇගයීමට ලක් කෙරේ
2023-04-16 19:50:28
Share with:

චීනය ලෝකයේ සෙසු රටවල් සමග ආර්ථික හා වෙළඳ සම්බන්ධතා ගොඩනැගීමේ දී කැන්ටන් ප්‍රදර්ශනය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව චීන විදේශ වෙළඳ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, කැන්ටන් ප්‍රදර්ශනයේ නියෝජ්‍ය මහ ලේකම් Wen Zhong liang මහතා අද(16) ආර්ථික හා වෙළඳ සාකච්ඡා සභාවකට එක්වෙමින් කියා සිටියේ ය. කැන්ටන් ප්‍රදර්ශනය ආරම්භ කර මේ වන විට වසර 67ක් ගත වී තිබේ. ගෙවුණු වසර 67 තුළ කැන්ටන් ප්‍රදර්ශනය මගින් සිදු කෙරුණු වෙළඳ ගනුදෙනුවල සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5කි. ඊට එක් වූ සමස්ත ගැනුම්කරුවන් සංඛ්‍යාව කෝටියකි. කැන්ටන් ප්‍රදර්ශනය චීනය ජාත්‍යන්තරයට විවෘත කිරීමේ වැදගත් වේදිකාවක් බවට පත්ව ඇතැයි Wen Zhong liang මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම