ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය ගැන චීනයෙන් ප්‍රකාශයක්
2023-04-16 16:36:13
Share with:

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන මුල්‍ය ආයතන, අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත අඛණ්ඩව සහය ලබාදෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන් බින් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීම සඳහා චීන මූල්‍ය ආයතනවලට අඛණ්ඩව සහය ලබා දෙන බව හෙතෙම කියාසිටියේය. ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමටත්, තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමට ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අනෙකුත් පාර්ශ්වයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

මෙම ණය අර්බුදය සාධාරණ හා සමාන අයුරින් බෙදීයන ලෙස ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහභාගී වන ලෙස වාණිජ සහ බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටින බව වැන්ග් වෙන් බින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම