2023 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ඇරඹේ
2023-04-16 16:35:09
Share with:

පාසල් වාර සටහනට අනුව රජයේ සියලුම පාසල් හෙට (17) දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වැනිදා දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට ද විධිවිධාන යොදා තිබේ..

මේ අතර, අප්‍රේල් මස 20වන දින සිට ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ නව චක්‍රලේඛය නිකුත් කරන බැවින්, අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එමෙන්ම විශ්වවිද්‍යාලවල දේශන හෙට සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. නමුත් උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සදහා සහභාගී නොවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරු සදහන් කරති.

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ බෞද්ධ ධර්මාචාර්ය විභාග ද කඩිනමින් පැවැත්වීම කෙරෙහි බෞද්ධ කටයුතු පිලිබද දෙපාර්තමේන්තුවේ අවධානය යොමු  වී ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම