චීනය නව කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවක් දියත් කරයි
2023-04-16 17:26:46
Share with:

චීනය අද(16) උදෑසන Long March-4B වාහක රොකට්ටුව භාවිතයෙන් නව කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයට මුදා හැර ඇත.

රොකට්ටුව වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් පෙරවරු 9:36 ට  දියත් කළ අතර, Fengyun-3 07 නම් වූ මෙම චන්ද්‍රිකාව සැලසුම්ගත කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇත.

කාලගුණ අනාවැකි නිකුත් කිරීම, ආපදා වැළැක්වීම සහ අවම කිරීම, දේශගුණික විපර්යාස සඳහා ප්‍රතිචාර දැක්වීම සහ පාරිසරික සංරක්ෂණය යන සේවාවන් සැපයීම සඳහා මෙම චන්ද්‍රිකාව යොදා ගැනීමට අපේක්ෂිතයි.

මෙම මෙහෙයුම Long March වාහක රොකට් මාලාවේ 471 වන පියාසැරි මෙහෙයුමයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම