ශක්තිමත්ව ඉදිරියට යන චීන - බ්‍රසීල උපාය මාර්ගික හවුල්කාරීත්වය
2023-04-16 17:18:53
Share with:

                 

                  ඊයේ (15) බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා සිය සිව්දින චීන නිල සංචාරය අවසන් කළේ ය. චීනය හා බ්‍රසීලය උපාය මාර්ගික හවුල්කාරීත්වය ආරම්භ කර මේ වන විට වසර 30ක් ගත වී ඇත. එමෙන් ම ලබන ව‍සර වන විට දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරය සනිටුහන් වේ. මෙවන් පසුබිමක් යටතේ බ්‍රසීල ජනාධිපතිවරයාගේ චීන සංචාරය ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට ලක් වී තිබේ.

                   චීනය හා බ්‍රසීලය වෙන් වෙන් ව නැගෙනහිර හා බටහිර අර්ධගෝලයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ වැදගත් නැගී එන වෙළෙඳපොළක් හිමි රටවල් වේ. භුගෝලීය වශයෙන් චීනය හා බ්‍රසීලය එකිනෙකට දුරස්ථව පිහිටා ඇතත් දෙරට සිය මිත්‍ර සම්බන්ධතා ආරම්භ කළේ බොහෝ කලක සිට ය. පසුගිය 14වැනි දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමග පැවති සාකච්ඡාවේ දී Luiz Inácio Lula da Silva ජනාධිපතිවරයා කියා සිටියේ චීනය සමග පවතින සම්බන්ධතා වෙළඳ ක්ෂේත්‍රයන් ඉක්මවා ප්‍රවර්ධනය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. ද්විපාර්ශ්වික සබඳතා උපාය මාර්ගික වශයෙන් සලකා බැලිය යුතු බවට එහිදී නායක දෙපළ එකඟතාව පළ කර තිබේ.

                 චීනය සමග එක්ව වඩාත් පුළුල් අන්දමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වාගෙන යාමට බ්‍රසීල ජනාධිපතිවරයා දැඩි අපේක්ෂාවෙන් සිටින බව ඔහුගේ චීන සංචාරයේ න්‍යාය පත්‍රය තුළින් පැහැදිලි වේ. චීන නායකයන් සමග සාකච්ඡා පැවැත්වීමට අමතර ව Luiz Inácio Lula da Silva ජනාධිපතිවරයා ශැංහයි නුවරට ගොස් චීන Hua Wei සමාගමේ පර්යේෂණ මධ්‍යස්ථානය නැරඹීය. හෙතෙම චීනයේ විශාල ම විදුල මෝටර් රථ නිෂ්පාදකයා වන BYD සමාගමේ ප්‍රධානියා ද හමු විය.

                සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් දෙකක් වශයෙන් චීනය හා බ්‍රසීලය ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් පුළුල් ක්ෂේත්‍ර ආවරණය කරමින් තමන්ට පමණක්‍ නොව ගෝලීය කළමනාකරණ පද්ධතියට ද සක්‍රිය දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම