අධ්‍යාපනය සඳහා වන ආයෝජන වැඩි කිරීමට රජය සූදානම්
2023-04-15 17:47:02
Share with:

අධ්‍යාපනය සඳහා වන ආයෝජන වැඩි කිරීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ලෝක බැංකුව සංවිධාන කළ සැසිවාරයේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“අධ්‍යාපනය සඳහා වන ඵලදායි රාජ්‍ය වියදම්” යන මැයෙන් ලෝක බැංකුව මෙම සැසිය සංවිධාන කර තිබුණි. සැසියට එක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සියලු අංශ ඇතුළත් ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම වෙනුවෙන් අධ්‍යාපනය සඳහා වන ආයෝජන වැඩි කරන බවයි. ආර්ථික සංවර්ධනය සඳහා මානව ප්‍රාග්ධනයේ කාර්යභාරය රජය මැනවින් හඳුනාගෙන ඇත. ඒ අනුව අධ්‍යාපනය, සේවා නියුක්තිය, ඵලදායිතාව සහ ආදායම කෙරෙහි මෙන්ම සාර්ව ආර්ථික හා සමාජ සංවර්ධනය සදහා වන බලපෑම තුළින් පුද්ගල යහපැවැත්ම සඳහා තීරණාත්මක බලපෑමක් සිදු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම